Travelling attract

Travelling attract Sri Lanka is a beautiful island surrounded by the Indian Ocean in South Asia. It has a vast climate

17/10/2025

🌕✨ Save the Date — A Stunning Supermoon Is Coming!

Get ready for a breathtaking sight on October 6th, when the first supermoon of 2025 will rise, glowing in brilliant shades of gold.

This happens when the full moon reaches its closest point to Earth (known as perigee), making it look up to 14% larger and 30% brighter than a regular full moon.

📍 Visible around the world, the supermoon will appear just after sunset — a perfect opportunity for photographers, stargazers, or anyone who loves a little magic in the sky.

💡 Fun Fact: Ancient civilizations believed supermoons could sway the tides, affect harvests, and even stir human emotions. Myth or not, it’s a celestial show worth watching.

🔭 No telescope required — just step outside and enjoy the glow.
📸 Don’t forget to capture and share your moon moments!

09/09/2025

BLOOD MOON 2025

Altogether

The Sunflower room at the Van Gogh art gallery in Auckland, NZ
11/09/2022

The Sunflower room at the Van Gogh art gallery in Auckland, NZ

Anyone can dream it BUTFew can achieve it ❤🚙Woah ❤🔥🏔️🏕️
26/08/2022

Anyone can dream it BUT
Few can achieve it ❤🚙
Woah ❤🔥🏔️🏕️

නීතිය දැනගෙන Travel කරමු.❤ඉදල්ගහින්නේ ගිහින් වනසංරක්ෂණ (fd) එකෙන් ඇල්ලුවා කියලා එතන මාෆියාවක් යන්නේ කියලා බොරුවට දගලලා ව...
22/08/2022

නීතිය දැනගෙන Travel කරමු.❤

ඉදල්ගහින්නේ ගිහින් වනසංරක්ෂණ (fd) එකෙන් ඇල්ලුවා කියලා එතන මාෆියාවක් යන්නේ කියලා බොරුවට දගලලා වැඩක් නැ. කැම්පින් නෙවෙයි රක්ෂිතකට අනවසරයෙන් ඇතුල්වීමත් හිරේ දාන්න පුලුවන් වරදක්. ගියපු අයගේ වෙලාවට ගිනි ඇවිලීමට අල්ලගෙන නැ. ඒකට නිතීය ක්‍රියාත්මක කරානම් ලක්ෂ දෙකක දඩයක් ගෙවලා එලියට ඇවිත් තමයි ඔය පොස්ට් දාන්න වෙන්නෙත්. ඒ නිසා තමන් යන තැන ලස්සන පොටෝස් ගහන්න පුලුවන්ද කියලා විතරක් හොයන්නේ නැතුව මොනවගේ තැනකට ද යන්නේ කියලා දැනුමක් ඇතුව ගියානම් ප්‍රශ්න ගොඩක් අඩුයි.

පරිසරය මිනිසාට මෙන්ම අනෙකුත් සියලු සතුන්ට සමව භුක්ති විදිමට අයිතිය් ඇති සම්පතකි. එහෙත් පවතින සමාජ ක්‍රමය තුළ මිනිසා විසින් පරිසරය අසාමාන්‍ය ලෙස භාවිතාකරනු ලබයි. මේ හේතුවෙන් ඇතැම් කලාප තුළ මිනිසාගේ ක්‍රියාකාරකම් සීමා කිරිම සදහා විශේෂ නිතී සකස්කර ඇත. වනාන්තර හා ඒවාහි සැරිසැරිම මැත කාලයේ සංචාරකයන් අතර බොහෝ සෙයින් කතාබහට ලක්වු මාතෘකාවක් වේ. එමගින් පැහැදිලි වු කරුණක් වන්නේ බොහෝ සංචාරකයන්ට වනාන්තර සම්බන්ද නීතීරිති හා අණපණත් පිලිබදව අවබෝධයක් නොමැති බවයි. ඒ පිලිබදව පිලිබදව යම් අවබෝධයක් ලබා දීම මෙම සටහනේ අරමුණ වේ.

වර්තමානයේ සංචාරය කරන බොහෝ ස්ථාන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වනජීවි දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රදේශ වේ.
1907 අංක 16 දරන වනසංරක්ෂණ ආඥා පනත මගින් ලංකාවේ සමස්ථ වනාන්තර කොටස් හතරකට බෙදා ඇත. ඊට අමතරව තවත් වර්ග කිහිපකට වනාන්තර වර්ග කර ඇත.
1. සංරක්ෂිත වනාන්තර
2. රක්ෂිත වනාන්තර
3. ග්‍රාමීය වනාන්තර
4. වෙනත් රජයේ වනාන්තර
දැනට ලංකාවේ සංරක්ෂිත වනාන්තර 134ක් , රක්ෂිත වනාන්තර 524 ක් ප්‍රකාශයට පත්කර ඇත.

සංරක්ෂිත වනාන්තර

දැනට සංරක්ෂිත වනාන්තර 134ක් ප්‍රකාශයට පත්කර ඇත. ඉතා වැදගත් පරිසර පද්ධතීන් දැඩි ලෙස ආරක්ෂා කිරිම මෙහි මුලික අරමුණ වේ. එබැවින් ඒ සදහා නිතී විශාලා ප්‍රමාණයක් හදුන්වා දී ඇත. පනතේ අංක 6 වගන්තියේ අනු වගන්ති 18 කින් ඒවා සවිස්තරාත්මකව දක්වා ඇත. ඒ අතරින් සංචාරකයන්ට අදාළ වන නිතී කිහියක්,
🚫අනවසරයෙන් ඇතුලුවීම
🚫ගිනිතැබීම හෝ ගිනි අවුලන උපකරණ රැගෙන යාම (ගිනිකුරක් පවා )
🚫කැලැ එලිකිරිම
🚫පැලැටි ගැලවීම හෝ ඒවාට හානිකිරිම
🚫ගස් කැපීම

ඒ අනුව මෙවැනි වරදක් සිදුකරන්නෙකුට අවුරුදු 7කට නොවැඩි බන්ධනාගාරය ගතකිරිමකින්ද, මුදලින් රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩ මුදලකින් හෝ ඉහත ක්‍රම දෙක මගින්ම දඩුවම් ලබාදිය හැක.

රක්ෂිත වනාන්තර

මේ වන විට රක්ෂිත වනාන්තර 534ක් ප්‍රකාශයට පත්කර ඇති අතර 7 වන වගන්තියේ අනු වගන්ති 12ක් මගින් මීට අදාල නීතී සවිස්තරාත්මකව විස්තර කර ඇත. මෙම වනාන්තර වලටද අනවසරයෙන් ඇතුලුවීම දඩුවම් ලැබිය හැකි වරදක් වේ. ඊට අමතරව,
🚫ගිනිතැබීම හෝ ගිනි අවුලන උපකරණ රැගෙන යාම (ගිනිකුරක් පවා )
🚫කැලැ එලිකිරිම
🚫පැලැටි ගැලවීම හෝ ඒවාට හානිකිරිම
🚫ගස් කැපීම

ඉහත නීති උල්ලංඝනය කරන්නෙකුට අවුරුදු 5ක් නොඉක්මවන සිර දඩුවමකට හෝ රුපියල් ලක්ෂයකට නොඅඩු දඩ මුදලකට හෝ එම දඩුවම් දෙකටම ලක්කළ හැක.

ග්‍රාමීය වනාන්තර

සාපේක්ෂව මෙවායේ නීතී රිති තරමක් ලිහිල් වේ. අදාල ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාවගේ ප්‍රයෝජනය සදහා මේවා වෙන්කර පැවතියත් මේවායේ නීතී කඩකරන පුද්ගලයන්ටද සිර දඩුවම් හා දඩ මුදල් පැනවිය හැක. මාසයකට නොඅඩු හා අවුරුද්දකට නොඅඩු සිර දඩුවමකට යටත් කළ හැක.

වෙනත් රජයේ කැලැ (අවශේෂ වනාන්තර )
ඉහත කොටස් යටතේ ප්‍රකාශයට පත්කර නොමැති නමුත් රජයට අයත් වනාන්තර මෙම කොටසට අයත් වේ. මැතකදි කතාබහට ලක්වු 2005 පනත යටතේ මේවා පවතී. මේවායේ නීතී කඩ කරන පුද්ගලයන්ටද අවුරුදු දෙකට නොවැඩි සිරදඩුවමකට හෝ රුපියල් පනස් දහසට නොවැඩි දඩයකට හෝ එම දඩුවම් දෙකටම ලක්කල හැක.

1988 අංක 03 දරන ජාතික උරුම වනභූමි පනත මඟින් සිංහරාජ රක්ෂිතය ජාතික උරුම වනභූමි (National Heritage Wilderness Area) ප්‍රදේශයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇත.
ඒම කලාප තුලද ක්‍රියාකාරකම් රැසක් තහනම් කර ඇත. ඒවානම්,
🚫 ගසකට හෝ පැළැටිකට හානි කිරිම
🚫ජලය අපවිත්‍ර කිරිම
🚫 ගිනි මෙලවිම හෝ උපකරණ රැගෙන යාම
🚫අලුතෙන් බිම් එලිපහලි කිරිම
🚫 සතුන් කලබල වන පරිදි හැසිරිම

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නියාමනය වන රක්ෂිත ප්‍රදේශ 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇත. එහි පහත පරිදි වනාන්තර ප්‍රකාශයට පත්කර ඇත.
1. දැඩි ස්වභාව රක්ෂිත (Strict Nature Reserves)
2.ජාතික වනෝද්‍යාන (National Parks)
3.ස්වභාව රක්ෂිත (Nature Reserves)
4.අභයභූමි (Sanctuaries)

සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථාන ඇතුලත් කලාප
දැඩි ස්වභාව රක්ෂිත
🔺හක්ගල
🔺යාල
🔺රිටිගල

ස්වභාව රක්ෂිත
🔺සමනළ අඩවිය
🔺යාළ

අභයභූමි
🔺වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ
🔺සමනල අඩවිය
🔺ගල්ඔය
🔺සේනානායක සමුද්‍රය
🔺රාවණා ඇල්ල
🔺තන්ගමලෙයි
🔺ආනවිලින්දාව
🔺මාඳුගඟ

ජාතික වනෝද්‍යාන
🔺හොර්ටන්තැන්න
🔺ගල්ඔය
🔺කුමන
🔺මාදුරුඔය
🔺ලාහුගල
🔺උස්සන්ගොඩ
🔺ජල ගැලුම් නිම්න

ඊට අමතරව 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මඟින් පාරිසරික රක්ෂිත ප්‍රදේශ (Environmetnal Protection Areas) නමයක් ප්‍රකාශයට පත්කර ඇත.
උදා: නකල්ස්, හන්තාන, මරගල

ජනප්‍රිය සංචාරක ස්ථාන බොහොමයක් ඇතුලුවිමට හෝ අවසර නොමැති ආරක්ෂිත කලාප බව මෙමගින් පැහදිලි වේ. එමනිසා ඒවා පිලිබදවද අවධානය යොමුකර ඔබගේ ගමන් සංවිධාන කරන්නේ නම් අහිතකර ප්‍රතිවිපාක අවම කරගත හැක. ඉහත නිතිමය ක්‍රියාමාර්ග ඔබගේ කාලය හා ධනය අධිකව වැයවෙන අසීරු ක්‍රියාපටිපාටියක් වේ. සංචාරකයන් වන අප සැමගේ වගකීම වන්නේ පරිසරයට හානි නොවන පරිදි පරිසරයේ සුන්දරත්වය විදිමයි. ඒ සදහා අන්තර්ජාතිකව භාවිතාකරන විවිධ ක්‍රම හා සංකල්ප පිලිබදව මීලගට ඔබ සමග තොරතුරු බෙදාගැනිමට මම බලාපොරොත්තු වෙමි.

ප.ලි. : ආඥා පනත් යනු කරුණු රාශියක් අඩංගු ලිපි ලේඛන බැවින් සංචාරකයන්ට වැදගත් වන කරුණු කිහිපයක් පමණක් මෙහි සංක්ෂිප්තව දක්වා ඇත.

උපුටා ගැනීම,
Travel මේනියාව Group එකේ,
Thathsara munasinghe මහත්මයා තබන ලද සටහනකින්. ❤



හීනෙකින් වත් හිතුවද අහසෙ කෑම්පින් කරන්න පුලුවන් වෙයි කියල.   ජායාරූප - මුහුනු පොතෙන්.
09/08/2022

හීනෙකින් වත් හිතුවද අහසෙ කෑම්පින් කරන්න පුලුවන් වෙයි කියල.


ජායාරූප - මුහුනු පොතෙන්.



27/07/2022

තව කවුද Swiss යන්න ආසාවෙන් ඉන්නෙ මං වගේ ❤🇨🇭

කඳු නගින අලි . . .😮🙈⛰🐘🐘    මේ ලංකාවෙ නෙවෙයි. ඉන්දියාවෙ නීලගිරි කඳුකරය. ලංකාවෙත් කඳුකර අලි ගහනයක් ශ්‍රී පාද අඩවියෙ ජීවත් ...
23/07/2022

කඳු නගින අලි . . .😮🙈⛰🐘🐘

මේ ලංකාවෙ නෙවෙයි. ඉන්දියාවෙ නීලගිරි කඳුකරය. ලංකාවෙත් කඳුකර අලි ගහනයක් ශ්‍රී පාද අඩවියෙ ජීවත් වෙනවා. ශරීර ප්‍රමාණය කඳුකරයටම අනුවර්තනය වුණ මේ අලි පහසුවෙන් මහ කඳු පර්වත තරණය කරනවා.

අලියා කියන්නෙ ගොඩබිම දැවැන්තයා වුණාට, කඳු තරණය වගේම පිහිණීමටත් හැකියාව තියෙනව. අලියා කියන්නෙ ඒ අතින් අපූරු සත්වයෙක්.

සිරිපා හිමයෙ ජීවත් වෙන කුරු අලි කියන්නෙත් මේ විදිහටම කඳුකර පරිසරයට අනුවර්තනය වුණ සාමාන්‍ය අලි කියල ගවේෂකයො විශ්වාස කරනවා.

Copied from - Travel මේනියාව

03/07/2022

FASTEST MAN IN SOUTH ASIA
What a "RECORD BREAKING" performance 🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️
9.96 seconds 😍😍😍
You Are a True Hero to Our Motherland

Yupun abeykoon ❤
A DAY TO REMEMBER FOR ALL THE SRI LANKANS 🥇🥇❤❤

ආර්ථිකේ හරි දරුණුයි ප්‍රෙන්ස්.... 😥😥😥😥😥
01/07/2022

ආර්ථිකේ හරි දරුණුයි ප්‍රෙන්ස්.... 😥😥😥😥😥

Address

Pettah

Alerts

Be the first to know and let us send you an email when Travelling attract posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travelling attract:

Share