01/08/2021
Thank you for all the years of amazing work you've done for the Sri Lankan Cinema Industry.
May your beautiful soul rest in peace 🙏❤️
ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ වේදිකා,ටෙලිනාට්‍ය හා සිනමා රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙයි 😥
ඊයේ (30) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් ඇය මියාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
ඇය ගමන් ගත් වෑන් රථය නුවරඑළිය - තලවකැලේ මාර්ගයේ ළිඳුල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී අදාළ අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවිය.