16/11/2022
මේ තියෙන්නේ ඉර කියල කිව්වොත් විශ්වාස කරන්න ටිකක් අමාරුයි නේද?
ඔවු මේ ඉර තමයි. ගිය සෙනසුරාදා උදේ පාන්දර හෝටන් තැන්නට ඝන මීදුම වැටුන වෙලාවේ තමයි, ඉර මේ වගේ පියවි ඇසින් බලන්න පුළුවන් කාසියක් වගේ ලස්සනට පෙනුනේ.
උදේ පාන්දර 5.30ට නැගිටලා ඇඟිලි හිරිවැටෙන හීතලේ තමයි ගියේ ඕක බලන්න. මීදුම වැඩි නිසා ගොඩක් වෙලා රැකගෙන හිටිය තැන්නට වෙලා. හරියටම ඔය විදිහට විනාඩි දෙක තුනක් විතරයි ඉර පෙනුනේ. ඊට පස්සේ පළාතම තව තවත් මීදුමෙන් වැහිලා ගියා
📷Priyantha Bandara Travel Photography