Ivy Stories

Ivy Stories Kontaktinformation, kartor och vägbeskrivningar, kontaktformulär, öppettider, tjänster, betyg, foton, videor och meddelanden från Ivy Stories, Fotograf, Gothenburg.

වින්ටර් එක කියන්නේ සීතලටත් වඩා උණුසුම් තවත් සුන්දර මිතුරුකමට.....🤍❄️ලෝම ඇදුම් වල උණුසුමත් එක්ක, සීතලට පුපුරු ගහන දෑත් තව...
21/03/2026

වින්ටර් එක කියන්නේ සීතලටත් වඩා උණුසුම් තවත් සුන්දර මිතුරුකමට.....🤍❄️

ලෝම ඇදුම් වල උණුසුමත් එක්ක, සීතලට පුපුරු ගහන දෑත් තව තවත් හිම එක්ක සෙල්ලම් කරන්න පොරබදින, දගකාර පිවිතුරු සිහින ලෝකවලට......පුංචි පුංචි හිම කැට අතර ලස්සන මටකයන් මවන, වයිවර්ණ පාට වලින් ඇස් සීතල කරනවන සතුටු මොහොතවල් වලින් පිරුණු ආශ්වාදජනක හැගීමකට....❤️

ඉතිං ඒ ලෝක වල ජීවත් වෙලා බලන්න ලැබෙන එක කොයිතරම් සුන්දර අත්දැකීමක්ද....❤️

✍️…..Ivy Stories…..✍️

06/01/2026

වයිවර්ණ ලෝක අතර අපි හොයන කෝපි පාට හීන....🍁🍂🧡


Ivy Stories

සැබෑ ලස්සන කියන්නේ හිතට දැනෙන පාටවල් වලට......🍁🍂කෝපි පාට කියන්නේ මට නම් සාමාන්‍ය පාටක් නෙමෙයි. තදින් දිළිසෙන වර්ණයක් නෙව...
05/01/2026

සැබෑ ලස්සන කියන්නේ හිතට දැනෙන පාටවල් වලට......🍁🍂

කෝපි පාට කියන්නේ මට නම් සාමාන්‍ය පාටක් නෙමෙයි. තදින් දිළිසෙන වර්ණයක් නෙවෙයි උනත් ඒකේ තියන්නේ හරි අමුතුම ලස්සනක්. ඒවා දිහා බැලුවාම හිත අහම්බෙන්ම අතීතයට යනවා.

මැටි දුඹුරු, මෘදු කහ, පැරණි රෝස, මැලවුණු කොළ වගේ පාට දැක්කම මතක් වෙන්නේ පැරණි ගෙවල්, ලී අල්මාරි, දූවිලි වලින් වැහුණු පොත් වගේ දේවල්. ඒ පාටවලින් එන්නේ පාටක් විතරක් නෙමෙයි, කතාවක්. ඒ කතාව ටිකක් නිශ්ශබ්දයි, ඒත් හිතට හොඳට ඇහෙනවා.

නවීන ලෝකයේ නොයෙක්විධ පාටවල් අතරේ, ඒ පාට අපිට ටිකක් නවතින්න, හුස්ම ගන්න මතක් කරනවා. ජීවිතේ හැමදේම අලුත් වෙන්න ඕනේ නැහැ කියලා, පැරණි දේවල් වලත් ලස්සන තියෙනවා කියලා මතක් කරලා දෙනවා.

✍️…..Ivy Stories…..✍️

04/01/2026

වින්ටේජ් පැහැ සුරගන කතාවක වින්ටේජ් පැහැ කුමරියෝ.....👸🏻
A Fairytale in Motion…👸💃🏽

04/01/2026

වින්ටේජ් පාට මාලිගයේ වින්ටේජ් පාට කුමරියයි මම.…👸🏻👸🏻❤️
A Fairytale in Motion…👸

එන්න වින්ටේජ් පාට සුරංගනා කතාවක වින්ටේජ් පාට කුමරියක් වෙන්න....👸🏻🍁👸🏻ගෑණු ළමයෙක්ගේ හීන වල පිරිලා තියන්නෙම පුංචි කාලේ කතා ...
04/01/2026

එන්න වින්ටේජ් පාට සුරංගනා කතාවක වින්ටේජ් පාට කුමරියක් වෙන්න....👸🏻🍁👸🏻

ගෑණු ළමයෙක්ගේ හීන වල පිරිලා තියන්නෙම පුංචි කාලේ කතා පොත් වල කියවපු ලස්සනම ලස්සන වින්ටේජ් පාට ලෝක, ලැවැන්ඩර් පාට මල්, ලිලී මල් මිටියාවත්, උසම උස ගල් බැමි වලින් වටවුනු වින්ටේජ් පාට මාළිගා, ඒවගේ ජීවත්වෙන දිග සුන්දර කෙස් කළඹක් හිමි වූ ලස්සන අලුත් ලෝකයක් හොයන රපුන්සල් වගේ.... ඉතා ඈත කඳු හරහා වලාකුළු අතරින් පාවී එන, දුඹුරු හේසල් ඇස්, තඹ පාට කෙහෙරැලි ඇති කුමාරයෙකු හොයන සින්ඩරෙල්ලා වගේ.... ආදරය, කරුණාවත් එක්ක එන වචනවලින් පාලනය කළ නොහැකි බලයක් ඇති එල්සා වගේ.... අලුත් ලෝකයක් සොයා යන, මිනිසත් බවට ආදරේ කරන The Little Mermaid කතාවේ ත්‍යාගශීලී ඇරියෙල් වගේ සුරංගනා කතා පොත් වල එන කුමරියන්ගේ ලෝක....

පුංචි කාලේ ඉදලා ඒ එක එක චරිත වලට යන්න කොයිතරම් නං අපි හීන දකින්න ඇත්ද... වින්ටේජ් පාට උස් ගල් බැමි වලින් වටවූ, නිල්වන් තැනිතලාවන් මතින් දිවෙන සිහිලැල් සුළං ධාරාවලින් නැහැවීයන, ඒ හුළගේ තාලයටම නැටවෙන වයිවර්ණ ලිලී මල් යායවල් වලින් හැඩවුනු, කෝපි පැහැ මාලිගාවක කුමරියක් වෙන්න....

ලැවැන්ඩර් සුවද මුසූවූ සේද සළු පිළි, මැණික් ගල් ඔබ්බවා කැටයම් කළ ආභරණ, රනින් රිදියෙන් ඔප දැමූ ඔටුන්නකට හිමිකම් කියන, ඉතා ඈත කඳු හරහා වලාකුළු අතරින් පාවී එන, දුඹුරු හේසල් ඇස්, තඹ පාට කෙහෙරැලි ඇති කුමාරයෙකු එනතුරු මග බලන් ඉන්න සිහින ලෝකයේ කුමරියක් වෙන්න....

ගහ කොළට, ඇළ දොළට, පාට පාට දේදුන්නට කතා කරන, නිදහසේ පාවී යන වළාකුලට පෙම් බදින, සඳ එළියේ රන් පාටින් දිළිසෙන පිනිබිදු එක්ක රහස් මුමුණන, කුරුළු පිහාටුවක සැහැල්ලුව සොයන, ලිලැක් මල් පිපුණු මිටියාවතක සූරියකාන්ත මල් පාට සමනලුන් පසුපස ලුහුබදින වින්ටේජ් පැහැ මාලිගයේ කෝපි පාට කුමරියක් වෙන්න.....

ඉතිං මොහොතකට හෝ ඒ වින්ටේජ් හීන වල ජීවත් වෙන්න...ඔය හිතේ හැංගුනු පුංචි ගැහැණු ළමයගේ හිතේ ඉන්න සින්ඩරෙල්ලාව අවදි කරන්න...පුංච් පුංචි හීන ලෝක හැබැහින් විදගන්න...ඔබත් එන්න මේ වින්ටේජ් ලෝකයේ සැරිසරන්න..….👸🏻🍁🍂👸🏻❤️

✍️…..Ivy stories.....✍️

04/01/2026

හද ගැස්ම මගේ හුස්ම වාගේ....හැම තිස්සේ ඔබ ඉන්නවානේ.....🥰

04/01/2026

ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා......🥰🥰

ආදරය කියන්නේ ඔබෙයි මගෙයි මේ සුරංගනා කතාවට කියන තවත් එක නමක්....❤️❤️මේ ලෝකේ තියන හැමෝම කතා කරන, හැමෝම අත්විදින්න කැමති, හ...
04/01/2026

ආදරය කියන්නේ ඔබෙයි මගෙයි මේ සුරංගනා කතාවට කියන තවත් එක නමක්....❤️❤️

මේ ලෝකේ තියන හැමෝම කතා කරන, හැමෝම අත්විදින්න කැමති, හැමෝම හොයන ලස්සනම දේ තමයි ආදරය.
ආදරය කියන්නේ හදවත මෘදු වෙලා නිහඬවම හිනාවෙන හැඟීමක් වගේ දේකට...කිසිම හේතුවක් නැතිව, කෙනෙකු ගැන හිතද්දී හිත ඇතුලේ නැගෙන උණුසුමක් වගේ දේකට...

වචනයක්වත් නොපවසා, දෑස් වලින් කතා කරන, එකම බැල්මකින් දැනෙන විශ්වාසයට....වැට කඩුලු නැති උනත් පරිස්සමට ඉන්න පුලුවන් විදියට මේ ලෝකේ ලැබෙන සුරක්ෂිතම තැනට....කාලයට, වෙනස්වීම් වලට හසුනොවන හදවතට හැමදාම එකම සැනසීමක් දෙන, නිහඬවම ගැඹුරු
වෙන ලස්සනම හැඟීමකට....❤️❤️

ඉතිං මම ආදරෙයි.....❤️

✍️…..Ivy Stories.....✍️

වෙනස්වීම් මතක් කරලා දෙන සරත් සෘතුවේ සුන්දරත්වය....🍁🍂සරත් සෘතුව එළඹෙනකොට මුළු වටපිටාවම හීනෙන් වගේ ලස්සන වින්ටේජ් පාටවල් ව...
04/01/2026

වෙනස්වීම් මතක් කරලා දෙන සරත් සෘතුවේ සුන්දරත්වය....🍁🍂

සරත් සෘතුව එළඹෙනකොට මුළු වටපිටාවම හීනෙන් වගේ ලස්සන වින්ටේජ් පාටවල් වලට හැරෙන්න ගන්නවා. ගිම්හානේ දී දැඩිව දිළිසුණු කොළ පාට කොළ, කහ, තඹ, හා මැලවුණු රතු පාටවලට හිමින්ම මාරු වෙනවා. ඒ පාටවල් පරණ ඡායාරූපයක දැනෙන අතීත සුවඳක් වගේ හදවතට ළං වෙනවා.

හිරු එළිය පවා මේ කාලෙට වෙනස් වෙනවා. දැඩි දිලිසීමක් නැතුව, මෘදු, මැලවුණු රන් පාටකින් පාටකින් පරිසරයම වහගන්නවා. නිදහසේ හමන හුළගටත් සිහින් සිසිලක් ලබා දෙනවා. ගස් යටින් ඇවිදන් යනකොට පෑගෙන රන් පාට කොළ වල හඬ, පරිසරයේ ජීවය මතක් කරවනවා.

සරත් සෘතුවේ ලස්සන තියෙන්නේ වෙනස්වීම තුළයි. අවසානයක් වගේ පෙනුනත්, ඒක ඇත්තටම මතකයක් බවට පත්වෙන ආරම්භයක්......🍁🍂🍁

✍️…..Ivy Stories.....✍️

එන්න සුදුම සුදු පාට හිම මතින් ඇවිදගෙන යන්න…❄️❄️වර්ෂණයේ එක ආකාරයක් ලෙස අර්ථකතනය කරන්න පුලුවන් හිම වැස්ස පරිසරයට ගේන්නේ හර...
03/01/2026

එන්න සුදුම සුදු පාට හිම මතින් ඇවිදගෙන යන්න…❄️❄️

වර්ෂණයේ එක ආකාරයක් ලෙස අර්ථකතනය කරන්න පුලුවන් හිම වැස්ස පරිසරයට ගේන්නේ හරිම අමුතු ලස්සනක්. හිම වැටෙනකොට ඕනම කෙනෙක්ගේ මූණට හිනාවක් එනවා. දන්නෙම නැතුව අත දිගඇරෙනවා ඒ වැටෙන හිම කැට අල්ලන්න. කොයිතරං හිමත් එක්ක ජීවත් වෙන කෙනෙකුට උනත් ඒක හරිම ලස්සන අත්දැකීමක්.

මම හිතන විදියට හිම කියන්නේ සුදු පාටට කියන තවත් නමක්. සුදු කියන්නේ හරිම පිවිතුරු පාටක් ඒ වගේම නිර්මාණය කරන්න අමාරුම පාටක්. ඒත් විනිවිද පේන වතුර බිංදු අපිට හිතාගන්නවත් බැරි විදියට සුදු පාට හිම කැට බවට පරිවර්තනය වෙනවා.

හිම වැස්ස පරිසරයට අමුතුම හැඩයක් ගේනවා ඒ වගේම ලස්සන එළියක් ගේනවා. ඉර එළියේ කහ පාට අපට මොහොතකට අමතක කරවනවා. වසන්ත සෘතුවෙන් සීත සෘතුවට එද්දි පාලුවට ගිය ගස්කොළං වලට තනි රකිනවා. පරිසරයේ අපි කවදාවත් නොදැකපු පුංචි පුංචි දේවල්, ලස්සන ලස්සන පාවටවල් මතු කරලා පෙන්නනවා.

ඉතිං එන්න ඒ සුදුම සුදු පාට හිම මතින් ඇවිදගෙන යන්න, කවදාවත් නොපෙනුන පුංචි දේවල් දකින්න, පරිසරයේ හැංගිච්ච ලස්සන පාටවල් දකින්න………❤️

✍️…..Ivy Stories.....✍️

Adress

Gothenburg
40### – 41### – 421XX – 427XX

Webbplats

Aviseringar

Var den första att veta och låt oss skicka ett mail när Ivy Stories postar nyheter och kampanjer. Din e-postadress kommer inte att användas för något annat ändamål, och du kan när som helst avbryta prenumerationen.

Dela